මගෙ සිරියහන දස්කොන් තනි මැකුවාද?
පුදුමහත
හෙමිහිට ඇවිත් නලලත සිප හිස අතගා
ලද අම සුවය සොයනෙමි සිහිනෙක වෙලිලා
මට හිමි මගේ ආදරයේ දුක හංගා
මැරි මැරි හිඳිමි දියවෙන ප්‍රේමය හින්දා
නුපුරුදු අතක උනුසුම නුඹ හෙව්වාද?
තුරුලේ වෙලී නුපුරුදු සුව හෙව්වාද?
නොලැබූ පහසකින් හිත හිරිවැටුනාද?
මගෙ සිරියහන දස්කොන් තනි මැකුවාද?
ලද අම සුවය සොයනෙමි සිහිනෙක වෙලිලා
මට හිමි මගේ ආදරයේ දුක හංගා
මැරි මැරි හිඳිමි දියවෙන ප්‍රේමය හින්දා
නුපුරුදු අතක උනුසුම නුඹ හෙව්වාද?
තුරුලේ වෙලී නුපුරුදු සුව හෙව්වාද?
නොලැබූ පහසකින් හිත හිරිවැටුනාද?
මගෙ සිරියහන දස්කොන් තනි මැකුවාද?
8:21 AM
නැගිටවන්න මා සිහිනෙන්...
පුදුමහත
සීත සුලං දැවටි දැවටි හිතේ සුසුම් අරන් යන්න
මල් නොපිපෙන වසන්තයට සුවඳ මලක් අරන් එන්න
නුඹේ මුවට හිනා අරන් ආදරයෙන් පන පොවන්න
මගේ මතක නුඹේ හිතින් ගුලිකර පොඩිකර දමන්න
හීන අරන් අලුත් හිතක් නුඹේ හිතට පෙම් කරන්න
ඒවි වසන්තයත් එක්ක මගෙ හිත මට නැවත දෙන්න
නුඹට නුඹේ ආදරයේ ගුලිවී සිහිනෙක නිදන්න
නැගිටවන්න මා සිහිනෙන් අහිමි පෙමට පෙම් කරන්න
මල් නොපිපෙන වසන්තයට සුවඳ මලක් අරන් එන්න
නුඹේ මුවට හිනා අරන් ආදරයෙන් පන පොවන්න
මගේ මතක නුඹේ හිතින් ගුලිකර පොඩිකර දමන්න
හීන අරන් අලුත් හිතක් නුඹේ හිතට පෙම් කරන්න
ඒවි වසන්තයත් එක්ක මගෙ හිත මට නැවත දෙන්න
නුඹට නුඹේ ආදරයේ ගුලිවී සිහිනෙක නිදන්න
නැගිටවන්න මා සිහිනෙන් අහිමි පෙමට පෙම් කරන්න
7:41 AM
Subscribe to:
Comments
(
Atom
)

